ආනන්දයෙන් මරදානට

අවුරුදු 60ක් යනු ලෝක ඉතිහාසය දෙස බලන විට නම්. මහ ලොකු දෙයක් නොවේ. මනුෂ්‍ය වයස හා සසඳද්දී එය ලොකු එය ලොකු කාලයකි. දශක හයක් හැරී හැරී බලන විට. මට දැනෙන්නේ අමුතු සතුටකි. ගෙවුණු වසර හැටෙන් වැඩි කාලයක් මා ගත කොට ඇත්තේ මරදානේය. 1975 වසරේදී මා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළුවන විට මගේ වයස අවුරුදු දහයකි. ආනන්දය පිහිටියේ මරදානේය . ඒ් කාලයේ ඇතැමෙක් ආනන්දයට මරියකඩේ යැයි පැවසුව ද ආනන්දය පිහිටි‌යේ මරදා‌නේ පරණවාඩිය නම් ප්‍රදේශයේය. පරණවාඩිය යනු. ප්‍රථම රාජසිංහ රජු හෙවත් ටිකිරි කුමරු රාජසිංහ පෘතුගීසින්ට මර උන ගැනෙන්නට සැලැස්වූ මෙන්ම කොළඹ කොටුවේ බළල් මස් ද ගිනි ගනන් කළ මහා සංග්‍රාමයට පෙර කොටුව වටලා වාඩිලා සිටි භූමි ප්‍රදේශයැයි කියනු ලැබේ.. මා ආනන්දයේ ගත කළේ වසර ගණනාවෙන් පසු මගේ ජීවිතයේ තවත් වසර තිස් දෙකක්ම ගෙවුණේ ලේක් හවුස් ආයතනයේය. කොළඹ කොටුවට ටිකට් ගත්තත් ලේක්හවුස් ආයතනය පිහිටියේ මරදානේය. අංක දහය, ඩී.ආර්.විජයවර්ධන මාවත එහි ලිපිනයයි. ඉස්සර නම් විජේවර්ධන මාවතට කිව්වේ මැකලම් පාර කියාය. මැකලම්පාර විජයවර්ධන මාවත බවට පත් වූයේ ලේක් හවුස් එක හින්දාය. ලේක් හවුස් එක ගොඩනැගුවේ ඩී ආර්.විජයවර්ධන මහත්තයාය. එමෙන්ම මේ ගත කළ කාලය මෙන්ම තවත් කාලයක් ගෙවුණේ මරදානේ එල්ෆින්ස්ටන්, ගාමිණි, සෙන්ට්‍රල්, ක්‍රවුන්, රූබි, නිව් ඔලිම්පියා වැනි සිනමාහල් ඇතුළේය. ඒ එහි රස්සා කළ නිසා නොවේ. මා උපන්ගෙයි චිත්‍රපට පිස්සෙකු නිසාය. නැතහොත් බයිස්කෝප් පිස්සකු නිසාය. මේ නිසා ගෙවුණු කාලය ඇතුළත පැය ගණනක් ගණන් කලද. මගේ ජීවිතයේ වැඩි කොටසක් ගෙවී ඇත්තේ මරදානයේ. කොටින්ම සාමාන්‍යයෙන් ආනන්දයෙන් ප්‍රඥාවට යන ලෝකයක මා නම් ආනන්දයෙන් ගි‌යේ මරදානටය.
මරදානේ කල් ගත කළ ද මා උපන්නේ මැදවච්චියේය . මැදවච්චි රෝහලේය. මැදවච්චිය රෝහල තිබෙන්නේ සුප්‍රකට A-9 පාරේය. නැතහොත් මහනුවර යාපනය පාරේය. A-9 පාර ප්‍රකට වූයේ 2009 වසරේ මැයි 19 දා අවසන් කළ උතුරේ ත්‍රස්තවාදී යුද්ධයත් එක්කය. ත්‍රරස්තවාදය නිමා කොට රටට සාමය ගෙන දුන් එම දවස මට ලැබුණු උපන්දින තෑග්ගක් හැටියයි සිතා සතුටු වන්නට මම කැමැත්තෙමි. එසේ නොවන්නට අපේ ගමට යන්නට අපට මහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවිය. මහනුවර – යාපනය පාර මෙරට ඇති සියවස් ගණනක් පැරණි පාරක් වුව එය A-9 ලෙස ප්‍රචලිතවූයේ මෙම කුරිරු යුද්ධය නිසාවෙන්ය. A-9 බෝම්බ පිපිරීම ද පසුකලෙක එය ත්‍රස්තවාදි ග්‍රහණයෙන් මුදා ගැනීමත් ගැන ඇසුණු ප්‍රවෘත්ති එම මාර්ගය එනමින් හඳුන්වනු බවට ප්‍රචලිත වූ මුල්ම අවස්ථාව විය. එම සමයේම අනිත් පැත්තෙන් මා මිත්‍ර අශෝක හඳගම විසින් නිර්මාණය කරන ලද. A-9 නැමති ටෙලි වෘත්තාන්තය ද බෙහෙවින් එකල ජනප්‍රිය විය. එක්කය. මැදවච්චය රෝහලේ උපන්නාට අපේ ගම ඒක නොවේ. මගේ ගම ඒ මොකක්දැයි මට තවමත් නිශ්චිත උත්තරයක් දෙන්නට නොහැකිය. ඒ්කට හේතු ගණනකි. මා මැදවච්චිය රෝහලේ උපන්නේ අපේ අම්මාත් තාත්තාත් පාඬිග්ගම විදුහලේ උගන්වපු සමයේ ය. අපේ තාත්තා කැබිතිගොල්ලෑවෙන් හැරී කහටගස්දිගිලිය පාරට යන විට හමුවණ, ගෝනුහත්දෙනාව ගම්මානයේ උපන්නෙකි.

අපේ අම්මා. ගාල්ලේ කලහේය. කලහේ කිව්වාටඅම්මලාගේ ගෙවල් තියෙන පැත්තට කියන්නේ ඇට්ටරගොඩ කියාය. ඒ කාලයේ එහි සිටි අපේ ආච්චි අම්මා. ඇත හොත් මගේ අම්මාගේ අම්මා, හෙවත් ලුවිසා මැටිල්ඩා කළහේ පතිරණ නෝනා පැවසූ පරිද්දෙන් ඇට්ටරගොඩට එම නම ලැබුණේ එහි සිටින මිනිසුන් තරමක් ඇට්ටර මිනිසුන් නිසාය. අපේ සීයා නැතහොත්, මගේ අම්මාගේ තාත්තාත් යටගම ගමගේ දොන් තෙලේනිස් අප්පුහාමිත් ඔහුගේ පුත්‍රයන් වූ අපේ අම්මාගේ බාල සොහොයුරන් වූ කරුණාකීර්ති මෙන්ම පියකීර්ති ද හොඳ ඇට්ටරයන්ය. ලොකු මාමා ත් පොඩි මාමා ත් දැන් ජීවතුන් අතර නැත. ලොකු මාමා මරදානේ කාර්මික විදුහලේ විදුහල්පති වරයා විය. පොඩි මාමා ලංගමේය.
රුහුණේ උපන් අම්මා රජරට උපන් අපේ තාත්තාට කරකාර බැඳ දී තිබුණේ ලංකාදීප පත්තරය විසින්ය. අම්මා ගේ තාත්තා වූ දොන් තෙලේනිස් අප්පුහාමි ප්‍රසිද්ධවූයේ අග්‍රා මුදලාලි හෙවත් වය.ජී.ඩී.මුදලාලි හැටියටය. ඔහු දකුණු පලාතෙන් උඩරටට ගොස් ධනවත්වූ වයාපිරිකයකු විය. අග්‍රා හෝටලය නමින් හෝටලයක්ද වෙළෙද සැලක් ද ගොඩ නැගෑ ඔහු කලක් ආගරපතනේ සරසවි සිනමාහලේ හිමිකරු ද විය. මා දන්නා කාලේ ඔහුට ඒ මොන මල ඉලව්වක් වත් තිබුණේ නැත. තම ඇවැස්ස නෑණන්ඩිය වූ ආච්චි අ්මමා සමඟ විවාහයේදී එංගලන්තයෙන් ඇඳුම් ගෙන්වූ ඔහු පසුකලෙක ව්‍යාපාර පාඩු වී සිය යස ඉසුරු අහිමි වුවද ඒ් ගැන කම්පාවූයේ නැත. අවුරුදු අනූවකට කිට්ටු කාලයක් ජීවත් වූ ඔහු අවසාන භාගය වන තුරුම සතුටින් ජීවිතය ගත කළ තැනැත්තෙකු විය.

අම්මා තාත්තා සමඟ විවාහ වන විට තාත්තා පදවිය මහාසේන විදුහලේ මුල් ගුරුවරයා විය. මේ පාසල අපේ තාත්තාට ලැබී තිබුණේ අපූරු අන්දමටය. රත්මල්ගහවැව විදුහලේ වැඩ බලන මුල් ගුරු හැටියට රාජකාරී කළ තාත්තාට අලුතෙන් පිහිටවන ලද පදවිය ජනපදයේ පාසල ලැබෙන්නේ එක්තරා ආකාරයකට දඬුවමක් හැටියටය. තරමක් නාහෙට නාහෙනා ගුරුවරයෙකු වූ අපේ තාත්තා පදවිය ඉස්කෝලෙට යවන්නේ එහි ඇති ගැටලු කිහිපයක් නිසාය. ඒ් වන විට පදවිය අලුත් ජනපදයක් විය. එහි වාරිමාර්ග සේවකයන් ද ප්‍රදේශයේ පැරණි ගැමියන් ද ජනපදයට පදිංචියට ආ සියනෑ කෝරළයේ ඉඩම් ලාභින් ද අතර සීතල යුද්ධයක් විය. එකිනෙකා අතර මාන්නයක් විය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පදවියේ පිහිටුවන ලද පාසල වැව ආශ්‍රිතව ගොඩ නැගුවක් විය. ගැමියෝ එ‍යට අකමැති වූහ. එබැවින් ඔවුහු තවත් තැනක පාසලක් ආරම්භ කළහ. මේ ගැටළුව දෙපාර්තමේන්තුවට ද හිසරදයක් විය. ඒ් වන විට රත්මල්ගහවැව පාසලේ අකීකරු මුල් ගුරුවරයාට පදවිය පාසලට මාරුවක් ලැබුණේ අභියෝගයක් හැටියටය. තාත්තා ට සහයෝගයක් ලැබුණේ පදවියේ නායක හාමුදුරවන් නිසාය. ඒ් අනුව දෙපිරිසගේම ස්ථාන දෙක වෙනුවට අලුත් ස්ථානයක අලුතින් පාසලක් ගොඩනැගිණ. පදවිය මහාසේන මධ්‍ය මහා විදුහලේ ආරම්භය එයයි. වර්තමානයේ ද පාසල එම ස්ථානයේ පිහිටුවීමට කටයුතු කරන ලද්දේ ද පාසලට නම තැබුවේ ද එහි ආරම්භක විදුහල්පතිවරයා වූයේ ද තාත්තා ය.

පාසල පිහිටුවා ටික කලකට පසු තාත්තා ට අලුත් පත්වීමක් ලැබුණේ පාඬිග්ගම විදුහලටය. ගාල්ලලේ සිට පදවියට පැමිණි අම්මාට අලුත් ප්‍රදේශයේ පදිංචිය එතරම් අසීරුවූයේ නැත. පදිවය දකුණු පලා‌තේ මිනිසුන් ද එමට සිටියහ. පාඩග්ගම යනු එයට වඩා හාත්පසින් වෙනස් ගම්මානයක් විය. එ ගම ජීවත් වූවෝ තමන් මේ මව්බිමේ සැබෑ උරුමක්කාරයන් යයි විශ්වාස කළහ. ඔවුන්ට විජය කුමාරයාගේ කිසිම නෑකමක් නොවුණ අතර කුවේණිය ගේ නෑ සනුහරෙන් පිවිසි පිරිසක්යැයි විශ්වාස කළහ. එමෙන්ම ඔවුහු වැදි පරපුරේ අය ද නොවිණ. මහපොළොවේ අයිතිය ඇත්තේ ඔවුනට යැයි ඔවුහු විශ්වාස කළහ. අනුරාධපුර සිට පදවි පාරේ හිරල්ලුගම හන්දියෙන් වමට හැරී ටික දුරක් යන විට මේ ගම්මානය හමුවේ. අද එය හිරල්ලුගම සමීපයට ව්‍යාප්තව ඇති නමුත් මා උපන් සමයේ එය වනාන්තරයෙන් වටවී තිබුණ වග පැවසෙයි. වර්තමානයේ නම් එහි බොහෝ ගම්මාන සඳහා ඇත්තේ කාපට් ඇතිරූ මාවත් බැවින් පාඩිග්ගමටත් එය පොදුව ඇතැයි සිතමි.

එ‍ම පාසල පිදුරු සෙවිලි කරන ලද ගොඩනැගිලලක් විය. පදවියේ සිට මෙම දුෂ්කර පලාතට පැමිණෙද්දී තාත්තා ඒ් වන විට රැස් කර තිබුණු ගෘහභාණ්ඩ රාශියක් විකුණා දැමූ බව පසුව මට දැනගන්නට ලැබිණ. ගමට පැමිණි මුල් දවසේ නාන්නට වැවට ගිය මගේ මව්පියන් අමතා එ‍ක් ගැහැනියක් තොපි කොහේ ඉඳන්දැයි විමසා තිබිණ. එයට අම්මාට අසූහාර දහසට කේන්ති ගිය ද තාත්තා එය අස්වසා ඇත්‌තේ පලා‌තේ භාෂාව ඔහුට අමුතු නොවූ බැවින්ය. පදවිය මෙන් නොව පාඬග්ගම පාසලේ ගුරුනිවස බිමට ගොම මැටි ගෑ වහලට පිදුරු දැමූ නිවහනක් විය. පාසල ද බිමට සිමෙන්ති දමා තිබුණ ද වහලය හෙවිලි කොට තිබුණේ පිදුරු වලින්ය. 1964 වසරේ සිදුවූයේ යැයි කියන සුළි සුළං සමයේ පාසලට බෙහෝ හානි සිදුව තිබින. ආරම්භය කොයි හැටි වෙතත් එගම වැසියෝ බොහෝ කාරුණික මිනිසුන් වූහ. ගුරු නිවසේ බිම මැටි ගාන ලද්දේ ගැමි ගැහැනුන් විසින්ය. එලෙස ගෙම මැටි ගෑ දිනයේ කිසියම් අමුත්තෙකු නිවසට ගොඩවදිතැයි අ්මමා විශ්වාස කළාය. එම විශ්වාසයට මුල පිරුණේ එහි මැටි ගෑ මුල් දිනයේය. ඒ් ඔවුන් එම පාසලට ගිය අලුතමය. එදින එක් පියකරු මහළු කාන්තාවක් ඒ නිවසට පැමිණියාය . ආගන්තුක සත්කාරයේ පුරුදු අම්මා ඇගේ වයස ද සලකා අත්තම්මේ වතුර ටිකක් ඔ්නෑදැයි අසා තිබුණාය. නිවසට ගොඩ වදින ආගන්තුකයෙකුට පළමුව වතුර වීදුරුවකින් සංග්‍රහ කිරිම ගමේ සිරිතය. තමාට අත්තතමා නොකියන ලෙසත් අම්මා යටනුවෙන් අමතන ලෙසත් ඇය පළමුව අණ කළාය. ඇය පැමිණ ිතුබුණේ මල්ලක් පුරා භව බෝගයන් පුරවා ගෙනය. ඇය කිසිදු පැකිලිමකින් තොරව තාත්තාට බෑණා යනුවෙන් ඇමතුවාය. මේ ගම් පලාතේ පාසලේ විදුහල්පති ලෙස පැමිණ සිටි අපේ තාත්තා මේ ආගන්තුක මහළු ගැහැනියගේ බාල සහෝදරයාගේ පුත්‍රයායය. තාත්තා ගේ තාත්තා මිය ගොස් තිබුණේ තාත්තා කුඩා කාලයේය.. මේ ආගන්තුක ගැහැනිය වෙනත් ගමක නෑ පවුලක දියනියක ලෙස හැදී වැඩී තිබුණේ එයටත් බොහෝ කලකට පෙර දවසකය. අ අසල ගමේ අලුත් පාසලට පැමිණි ගුරුතුමා තම සොහොයුරා ‌ගේ පුතනුවන්යැයි ඇසීමෙන් ඇය සතුටට පත්වූවාවය. ඇය ඔහු දකින්නට තකහනියේම පැමිණියේ එකී දරු ස්නේහයෙන් යුක්තවය..