
මරදාන නගරයේ තිබුණ තවත් ස්මාරකයක් පොලවට සමතලා කරන්නට පටන් ගෙන තිබේ. ඒ් මරදානේ ටී.බී.ජයා මාවතේ (පැරණි ඩාර්ලි පාරේ) තිබුණු නිව් ඔලිම්පියා සිනමාහලයි. එය මරදානේ පිහිටි පැරණිතම රංග ශාලාව යි. නිසි ලෙස කටයුතු කරන ලද්දේ නම් කෞතුක වස්තුවකි. ඔලිම්පියා සිනමාහල යනු අපේ සිනමාවේ සිදුවීම් කිහිපයකට මුල පිරූ තැනකි. එය ඉදි කරන ලද්දේ සිනමා ශලාව්ක හැටියට නොව රංග ශාලාවක් හැටියටය. නම කොරනේෂන් ශාලාව ය. ඒ් මරදානේ ටවර් රඟහල පිහිටුවන්නටත් වසර ගණනකත් එපිටය. ආරම්භයේ පිටකොටුව මල්වත්ත පෙදෙස ආශ්‍රිතව ගොඩ නැගුණ මෙරටනාට්ය ව්‍යාපාරය මුල්වරට මරදානට ගියේ කොරනේෂන් ශාලාව ශාලාවටය. ඒ් 1905 වසරේ පමණය. 1910 වසරේ වඩා අංග සම්පූර්ණ රංග ශලාවක් ලෙස ටවර් රඟහල ආරම්භ කළ ද කොරනේෂන් ශාලාව තවත් වසර ගණනාවක් ඒහි වේදිකා නාට්‍ය ගත කළේය. කෙසේ වෙතත් 1914 වසරේ දී පිටකොටුවේ මල්වත්ත පාරේ ගොඩනැගිලි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එක් රැයකින් අත් පත් කර ගෙන එහි තිබුණු සියලු දේපල ඉවත් කළ නියෝගයෙන් එහි තිබුණු මෙරට ආරම්භක ස්ථාවර සිනමාහල ලෙස සැළකෙන ලන්ඩන් බයිසිකෝප් ශාලාවට ද උන් හිටි කැන් අහිමි විය. ඒහිම තිබුණු වෝර්වික් මේජර් ට අයත් එම්පයර් සිනමාහල කොම්පඥ්ඤවීදියේ පාර්සන්ස් පාරේ අංක 2 දරණ ස්ථානයට ගිය අතර ලන්ඩන් බයිස්කෝප් ඉදි කළ ටී.ඒ්.ජේ.නූර්බායි සිය චිත්‍රපට දැක්ම මරදානට ගෙන ගියේය. ඒ් කොරනේෂන් ශාලාවටය. නූර්බායි ගේ කළමනාකරු වූයේ ටී.ජේ. බෝතාය. කොරනේෂ්න ශලාව ඉදිව තිබුණේ මරදාන මුස්ලිම් පල්ලියට අයත් භූමියේය.
පල්ලියේ පාලකයකු වූයේ ප්‍රකට ව්‍යාපාරිකයකුව සිටි එන්.එච්.එම්. අබ්දුල් කාදර් ය. නූර්බායි කොරනේෂන් ශාලාව 1917 වසර වන විට ඔලිමිපියා නමින් නම් කොට පූර්ණ කාලින ව චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹුවේය. 1922 වසරේ දී නූර්බායි වැල්ලවත්තේ වඩාත හොද සුව පහසු සිනමාහලක් ඔලිම්පියා නමින්ම ඉදි කළ අතර ඒ් සමග මරදාන පල්ලිය සමඟ නූර්බායි එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් නඩු හබයකට පැටලිණ. මේ නඩුව කෙලවර වූයේ නූර්බායි මරදානේ සිනමාහල අතහැර යාමේ ඒකගතාවයකින්ය. අනතුරුව ඔලිම්පියා සිනමාහල බදු ගත්තේ යාපනයේ සිට පැමිණි තරුණයෙකු වූ ලියෝ තම්බයියා ය. ඔහු ලියෝ ෆිල්ම්ස් නමින් සිනමා සමාගමක් පිහිටුවා ඔලිම්පියා ශලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කළේය. 1925 වසර වන විට ඔහුට යාපනයේ මනිපායි සිට පැමිණි තවත් දුරදක්නා නුවණැති තරුණයෙකු හවුල් වූයේය. ඔහු චිත්තම්පලම්. ඒ්.ගාඩිනර් ය. දෙදෙනා ඒකතුව මෙරට සිනමාව උදෙසා මුල්ම දේශිය සිනමා සමාගම සීමාසහිත සිලෝන් තියටර්ස් නමින් ගොඩ නංවා චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ ඔලිමිපියා සිනමාහල කේන්ද්‍ර කොට ගෙනය. මේ වන විට මෙරට සනමාව අරක් ගෙන සිටියේ ඒ් වන විට ආසියාවේ දැවැන්ත සිනමා සමාගම වූ මදන් තියටර්ස් ය. ඔවුහු පාර්සන්ස් පාරේ එම්පයර් සිනමාහලද මරදානේ පැලස් සිනමාහලද හිමි කර ගෙන චිත්‍රපට ප්‍රදර්ශනය කළහ.

1927 වසරේ වන විට ගාඩිනර් හා තම්බයියා ට ඒරෙහිව මදාන් තියටර්ස් වරින්වර නඩු පැවරූහ. ඒ් චිත්‍රපට ආනයනය සම්බන්ධවය. ඒවකට දෑවන්ත ගලිවර් මදාන් සමඟ මේ ලිලිපුට්ටන් නොබියව තරග කළහ. කොම්පඥ්ඤවීදියේ පාසනස් පාරේ පිහිටි එම්පයර් සිනමාහල් භූමියේ අයිතිය 99 අවුරුද්දකට ගැනීමට තරම් ලාංකික තරුණ දෙපළ සමත්වීමය. . ඔවුහු එහි රීගල් සිනමාහල ඉදි කළ අතර ඒ් වන විට මදන් ලා මරදානේ පැලස් තියටර් බිමේ එල්ෆින්ස්ටන් සිනමාහල ඉදි කර අවසන්ය. කොම්පඥ්ඤවීදියේ පැවැති පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් නම් කොට මුල්ම කතානාද චිත්‍රපටය එහි ප්‍රදර්ශනය කරන්නට මදාන් සූදානම් වෙද්දී ඒයට සති කිහිපයකට පෙර ඔලිම්පියා සිනමා හලේදී ශබ්දය හා රූපය වෙන වෙනම යවා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නට ගාඩිනර් හා තම්බය්යා සමත්වූහ. ඔවුහු තම සමාගම පුළුල් කර තවත් කලක් ම ඔලිම්පියා ශාලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කළහ. පසුව මෙම සිනමාහල පල්ලියේ පාලක අබ්දුල් කාදර් ගේ පුත්‍ර ජබීර් (ඒ්) අබ්දුල් කාදර් 1945 වසරේ දී එහි චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළේය. පසුව සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට්ස් සමාගම ද ලිබර්ටි, සෙන්ට්‍රල්, මෙන්ම වර්තමානයේ කොළඹ අධි සුඛෝපභෝගි ස්කෝප් සිනමා ශාලා දක්වා ව්‍යාප්ත වූ ව්‍යාපාරයේ ආරම්භය මෙයයි. මේ අනුව දේශිය සිනමා සමාගම් දෙකකම උත්පත්තිය සිදුව ඇත්ේත ඔලිම්පියා ශාලාවේය.

ජබීර් ඒ්.කාදර් ඔහුගේ සහෝදර සුහේය්ර් කාදර් සමඟ එක්ව සිනමාහල වඩා නවිකරණය කළ අතර එය නිව් ඔලිම්පියා වුයේ එයින් පසුවය. අසූව දශකය ආරම්භය දක්වාම කොළඹ පැවැති වඩාත්ම සුඛෝපභෝගි සිනමාහලක් වූ ඒහි සේවය කළ බොහෝ දෙනා හොදින් යුරෝපිය ඇඳුමෙන් සැරසී සේවය කළහ. ඒමෙන්ම මුල්වරට (සමහරවිට එකම සිනමාහල) යන්ත්‍රයකින් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ලද්දේ ද නිව් ඔලිම්පියා සිනමා හලේය. දිගැටි හැඩයකින් හා පළලින් තොර ප්‍රවේශ පත්‍රයක් එමගින් නිකුත් කෙරිණ. මරදානේ සෙසු සිනමාහල් වලට වඩා ඔලිම්පියා සිනමාහලට තත්තවයක් හැත්තෑව දශකයේ තිබිණ. සිනමාහලේ ප්රකෂේපණය මෙන්ම ශ්බද එය වසා දමන කාලය වන තුරුම ඉතා ඉහළ තත්වයක තීබණ. මුල්වරට ස්ටීරියෝ ශබ්ද ක්‍රමය භාවිත කරන ලද සිනමාහල් වලින් ඔලිම්පියා ද එකකි. පසුකලෙක ජබීර් ඒ්.කාදර් ලා වෙනමත් සුෙඒ්යර් කාදර් ලා වෙනම ත් වෙන්ව ගිය අතර සිනමාහල දිගු කලක් පාලනය වූයේ සුහේයිර් කාදර් ලා අතය. සිනමාහලේ අයිතිය තිබුණේ මරදානේ පල්ලියටය. මේ නිසාම සිනමාහල සම්බන්ධයෙන් බොහෝ ගැටළු තිබිණ. 90 දශකය වන විට සිනමා හල නොසළකා හැර තීබණ. ඔවුන්ට සිනමාහල පවත්වා ගන්නට යන්නට තරම් හොද චිත්‍රපට ලැබුණේ ද නැත. කලක් පවුලේ සිනමාහලක් වූ ඔල්මිපියා පසුව 90 දශකයේ බිහි වුණ කාම රැල්ලේ චිත්‍රපට වලින් පණ ගැට ගසා ගත්හ. එය සිනමාහලේ පරිහානියට හේතුවිය. යළිත් ජබීර් .ඒ්.කාදර් ගේ පුත්‍ර යා වූ ඉමිටියාස් කාදර් එය නවීකරණය කොට පාලනය අතට ගත්ත ද එය සාර්ථක ව්‍යායාමයක් නොවිණ. දිගු කලක් නඩු හබ කෙළවර සිනමාහලේ භූමියේ අයිතිය මෙන්ම සිනමාහල ද පල්ලියටත් සහිරා විදුහලටත් අයිති විය. සිනමාහලේ අවසාන භාගයේ එක් දිනක අලුත් චිත්‍රපටයක් නැරඹිමට මා යද්දී ඒහි සිටියේ දෙතුන් දෙනෙකු පමණකි. කළමනාකරු මා සමග පැවසුවේ ඒම දවසටම සිනමාහලට ගොඩ වූ ගණන තිස් දෙනෙක් පමණක් යන්නය. ඒ් කාලයේ පුවත්පත්කලාවේදින්ට චිත්‍රපට සංස්ථාව මඟින් අවසර පත්‍රයක් නිකුත් කර තිබිණ. මා දන්නා හඳුනන කළමනාකරු මේ බව පැවසීම සමඟ නොමිලයේ දුන් ප්‍රවේශ පත්‍රය අවලංගු කොට ප්‍රවේශ පත්‍රයක් මිල දී ගතිමි. ගණන බැලූ කළ මරදානේ සාමාන්‍ය තේ කඩයකින් එයට වඩා ආදායමක් උපයා ගත හැකිව තිබිණ.

මා ඔලිම්පියා සිනමාහලේ නැරඹූ මුල්ම චිත්‍රපටය මට කිසිකලෙක අමතක වන්නක් නොවේ. ඒ් රන්මුතුදූව ය. චිත්‍රපටය නරඹන විට මට අවුරුදු දොලසකි. එහෙත් රෙංගා මරණයෙන් ගොඩ වෙද්දී මම භිතියට පත් වීමි. බන්දු කුමාරි සමග ගලන ගඟකි ජීවිේත ගයද්දීත් මිතුරන් සමඟ පිපි පිපී රේනු නටන ගයද්දීත් එම ගීත ගැයීමි. මේ 1977 වසරේය. අවසාන වර එහි නැරඹුවේ 2008 වසරේය. ඒ් ප්රභාකරන් චිත්‍රපටයයි. මුල්වරට චිත්‍රපටයක් තිර ගත වීමට මත්තෙන් නැරඹිම සදහා ලද ආරාධනයකින් චිත්‍රපටයක් නැරඹුවේ ද ඒම සිනමාහලේය. ඒ් 1983 වසරේ ජූලි මාසයේය. චිත්‍රපටය අරලිය මල් ය. 1977-2007 තිස් එක් වසර කාලයේ චිත්‍රපට 117 ක් සඳහා මම සිනමාහලට පිවිස ඇත්තෙම්. ඒ් අතර අන්කූර්, ද පැසේජ්, ද ඩියර් හන්ටර්, මැක්විකාර්, ඔපරේෂන් තන්ඩර්බෝල්ට්, බෝර්සලිනෝ ඇන්ඩ් කම්පැනි, සසර චේතනා, ජය සිකුරුයි, ෆස්ට් බ්ලඩ්, සුර දූතියෝ, සත පනහ, ෆාර් පැවිලියන්ස්, මිෂන් ඉන් ඇක්ෂන්, ෆො අ ෆිව් ඩොලර්ස් මෝ, රජ වැඩ කාරයෝ, ලයන් ඔෆ් ද ඩෙසර්ට්, තේෂාබ්, ඇතුළු චිත්‍රපට රැසක් මගේ මතකයේ ඇත. ඔලිම්පියා සමඟ මරදානේ පැරණි සිනමාව ද අවසානය. එකල හතර ඇති බැලූවිට සිනමාහල් තිබුණු මරදානේ දැන් ඇත්තේ සිනෙසිටි පමණකි. එල්ෆින්ස්ටන් සිනමාහල රජය සතුකොට ගෙන ටවර් ශාලාවට පවරන ලදින් ඉතිරුව පවතී. සිනමාහලක් ලෙස ඉදි වුව ද එහි උරුම ප්රක්ෂේපණ යන්ත්‍ර පෙන් වූ ස්ථානය පවා ගලවා දැමීමට තරම් කටයුතු කර තිබේ.

නිව් ඔලිම්පියා සිනමාහලේ පැරණි කතා බොහොමයකි. සිනමාහලේ චිත්‍රපටයක් නරඹන්නට බැල්කනි ගිය මිනිසකු නිසා හොරකමක් අසු වු අන්දමක් එක් දහස් නවසිය තිස් ගණන් වල පුවත්පතක පළ වීතීබණ. මේ පුද්ගලයාගේ නම බයිස්කෝප් ජෝන්ය. පත්තරේ තිබුණේ එහෙමය. එහෙත් සිනමාහල ගැන වඩාත්ම රසවත් කතාව මට වරෙක් පැවසුවේ විශිෂ්ට රූපණවේදියකු වූ ටෝනි රණසිංහ ය. ටෝනි අය්යා පැවසූ කතාව මෙහෙමය. ටෝනි අය්යා ගේ මිත්තනිය බයිස්කෝප් බැලීම වැනි නොහොබිනා වැඩවලට තදින්ම විරුද්ධය. මෙම ප්‍රතිපත්තිය ඇයට බීදන්නට සිදුවූයේ සෝංග් ඔෆ් සෙන් බර්නඩෙට් චිත්‍රපටය ඔලිම්පියා සිනමාහලෙට පැමිණිවිටය. ආගමික කතාවක් නිසා එය අනිවාරයෙන් නැරඹිය යුතුයැයි ඇයට කවුදෝ කියා තිබිණ. එබැවින් ප්‍රතිපත්ති ගරුක ශිලයට ද හානි නොවන ලෙස ආදර්ශමත් චිත්‍රපටය නැරඹිමට ඇය ගියේ කුඩා ටෝනි ද තනියට කැටුවය. ටෝනි ද චිත්‍රපට බලා තිබුණේ නැත. දෙන්නා ඉදිරි පෙළේ අසුන්වලට ගොස් වාඩි වූහ. චිත්‍රපටය ආරම්බ වන මොහොතේ සිට ඇය සිටියේ පල්ලියේ හැසිරෙන ආකාරයටය. චිත්‍රපටයේ එක් තැනක ක්‍රිස්තුස් වහන්සේ වඩින දර්ශනයක් තිබිණ. එකවරම කලබල වූ මිත්තනිය සිනමාහලේ නිහැඩියාව බිද දැමුවාය. පුතේ. පුතේ.ස්වාමි දරුවෝ වඩිනවා. හයියෙන් ඔරසන් කියපං. ඈ දරුවාට උපදෙස් දුන්නාය. එයින් නොනැවතී අසුන අසල දණ ගසා යාඥා කළාය. ටෝනි කීකරු දරුවෙකු ලෙස ඇය අනුගමනය කළේය. සිනමාහලේ සියලු ශබ්ද අබිබවා හූවක් පැතීරණ. ටෝනි අය්යාම පැවසූ පරිද්දෙන් ඒ් හූ කීවේ තමාටත් මිත්තනියටත් බව වටහා ගත්තේ තවත් අවුරුදු ගණනාවක් ගිය පසුවය.

